වෙනත් රක්ෂණ යෝජනා ක්‍රම

ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ රක්‍ෂණය

කෘෂිකර්මාන්තයේ යෙදි සි‍ටින්නන් භාවිතා කරන ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපාංග වල රක්‍ෂණාවරණය ලබා දීම සඳහා මෙම රක්‍ෂණ සැලැස්ම හඳුන්වා දී ඇත.  කොල මඩින යන්ත්‍ර වතුර පොම්ප ගොයම් කපන යන්ත්‍ර වැනි කෘෂි උපකරණ සඳහා මෙම ආවරණය ක්‍රියාත්මක වේ. ක්‍ෂෙත්‍රය තුළ උපකරණ භාවිතා කිරීමේදී මෙන්ම ස්වභාවිකව සිදුවන හානිය ආවරණය වන ලෙස රක්‍ෂණ ඔප්පුව සකස්කර ඇත.  ඒ තුලින් කෘෂි කර්මාන්තය තුල යාන්ත්‍රීකරණය සඳහා ආයෝජකයන් උනන්දු කරනු ලැබේ.

දිවයිනේ ප්‍රමුඛතම ට්‍රැක්ටර් අලෙවි ආයතනයක් වන බ්‍රවුන්ස් සහ සමාගම සමගද එක්ව ට්‍රැක්ටර් අලෙවිය හා රක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දී ඇති අතර ඒ තුලින්ද කෘෂිකාර්මික ජනතාවට රක්ෂණ ආවරණ සැලසීමට කටයුතු කර ඇත.

සුවසෙත සෞඛ්‍ය රක්ෂණය

හැදින්වීම

කෘෂිකර්මාන්තයේ යෙදෙන කෘෂිකාර්මිකයන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හදිසි අනතුරකින් හෝ අසනීපයක් හේතුවෙන් රෝහල්ගත වීමට සිදු වුවහොත් මුහුණපෑමට සිදුවන මූල්‍යමය අපහසුතා යම්තාක්දුරට අවම කිරීමේ පරමාර්ථයෙන් ගොවිජනතාව වෙනුවෙන් සකස් කරන ලද රක්‍ෂණ යෝජනා ක්‍රමයකි.

හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය

හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන මරණයකදී, අකර්මන්‍ය විමක දී ප්‍රතිලාභ සැලසන පරිදි සකස් කරන ලද රක්‍ෂණ සැලසුමකි.