ධීවර විශ්‍රාම වැටුප්

ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය 

ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය

1990 අංක 23 දරණ ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම පනතින් ස්ථාපිත කොට ඇත.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සහ කාෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.

අරමුණ
ධීවර කර්මාන්තය වෘත්තීය වශයෙන් ස්ථාපනය කරවීම, කරණු පිනිස මෙය කරා යොමු කිරීම, ජනතාව අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම, වියපත් වූ විට වීම රැක වරණය සඳහා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා දීම මෙහි අරමුණ වේ.
වයස අවුරුදු 18 – 59 අතර ධීවර කර්මාන්තය වෘත්තිය කරගත් පුද්ගලයින්ට යෝජනා ක්‍රමයට දායක විය හැකි අතර වයස අවුරුදු 60 දී විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

වාරික ගෙවීම
ත්‍රෛයිමාසිකව වාරික වශයෙන් හෝ එක්වර මුළු වාරික මුදල ගෙවා දායක විය හැකිය.

  • මසකට අවම වශයෙන් රු: 1000ක් සහ උපරිම වශයෙන් මසකට රු: 4166ක විශ්‍රාම වැටුපක්
  • රු: 50,000/- ජීවිත රක්ෂණ රැකවරණය මත රු: 25,000/- දක්වා මරණ පාරිතෝෂිතයක් සහ රු: 50,000/- දක්වා වූ බෙලහීන ප්‍රතිලාභ.  මෙම ප්‍රතිලාභය සමඟ ගෙවූ ශුද්ධ වාරික මුදල් සහ පොළිය ආපසු ගෙවනු ලැබේ.
  • දායකයාගේ මරණින් පසුව කලත්‍රයාට විශ්‍රාම වැටුප් ගෙවනු ලැබේ.
  • මේ සඳහා වාරිකය මාස 3 කට වරක් හෝ එක්වර මුදල් ගෙවීමෙන් දායකත්වය ලබාගත හැකි වේ.