ගොවි විශ්‍රාම වැටුප්

ගොවි විශ්‍රාම වැටුප්

ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය හැදින්වීම

1987 අංක 12 දරණ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පනතේ 2014 අංක දරණ ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම නියෝග අනුව ක්‍රියාත්මක වේ.

යෝජනා ක්‍රමයට දායක වීම සඳහා සුදුසුකම්

  • ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම.
  • වයස අවුරුදු 18-59 අතර වීම.
  • ඉඩම් හිමියකු, බදුකරුවකු, අඳ ගොවියකු, හිමිකරුවකුගේ අයිතිය යටතේ වගාකරන්නකු සහ ගොවිජන සංවර්ධන පනත හෝ ඉඩම් ආඥා පනත යටතේ බලය ලත් නිලධාරියෙකු විසින් ගොවියකු වශයෙන් තහවුරු කරන තැනැත්තෙකු හෝ කෘෂිකාර්මික කම්කරුවකු වීම.
  • විශ්‍රාම වැටුපකට හෝ අර්ථසාධක අරමුදල යටතේ ප්‍රතිලාභ ලබන්නකු නොවීම.

යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ

අවමය රු.1000/= සිට උපරිමය රු.5000/= දක්වා වූ විශ්‍රාම වැටුපක්

වයස                    මාසික විශ්‍රාම වැටුප

60-63                 1000/=
64-70                 1250/=
71-77                 2000/=
77 හෝ වැඩි       5000/=

  • රු. 50000/= ජීවිත රක්ෂණ රැකවරණය මත රු. 25000/= මරණ පාරිතෝෂිතයක්, රු. 50000/= දක්වා වූ බෙලහීන ප්‍රතිලාභ. මෙම ප්‍රතිලාභ සහිතව ගෙවූ වාරික මුදල් සහ පොළිය ආපසු ගෙවනු ලැබේ.
  • නිසි පරිදි දායක මුදල් නොගෙවීම හේතුවෙන් දායකත්වය අවලංගු වී ඇති දායකයින්ට නව විශ්‍රාම වැටුපට දායක වීම සඳහා සහන.

ගොවියකුට මාසිකව, අර්ධ වාර්ෂිකව හෝ එක්වර මුදල් ගෙවීමෙන් යෝජනා ක්‍රමයේ දායකත්වය ලබා ගත හැක.