පශු රක්ෂණ යෝජනා ක්‍රම

පශු සම්පත් රක්ෂණය

පශු සම්පත් රක්ෂණය මගින් කිරි නිෂ්පාදනය හා සත්ව නිෂ්පාදන කාර්යයේ යෙදෙන පශු සම්පත් ගොවීන්ගේ අවධානම අවම කිරීම තුලින් පශු සම්පත් කර්මාන්තයේ එම කර්මාන්තකරුවන් නගා සිටුවීම සිදු කෙරේ.

මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ පශු කාර්මිකයාට සිදුවන හානි පුර්ණය කිරීම තුලින් එම කාර්මිකයාට රැකවරණයක් ලබාදීමත් පශු කර්මාන්තයේ යෙදෙන්න්ට ශක්තියක් වෙමින් කර්මාන්තයේ යෙදී සිටීමට දිරිගැන්වීමත් නවකයන් මෙම කර්මාන්තය සඳහා යොමු කරමින් පශු කර්මාන්තයේ අවදානම අවම කර සුරක්ෂිතභාවය තහවුරු කිරීම තුලින් පශු කර්මාන්තය නගාසිටුවීමටත් දියරකිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් කිර ගොවීන් සවිබලගැන්‍වීමත් පශු රක්ෂණය මඟින් සිදු කරයි.

ගවයන් හා එළුවන් යන සතුන් ආවරණයවන පරිදි මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන අතර ගවයන්ගේ හා එළුවන්ගේ වටිනාකම මත පදනම්ව රක්ෂනාවරණය ලබාගත හැක. සතුන් මියයාමේදී හා පුර්ණ බෙලහීනතාවයට පත්වීමේදී හානි පුර්ණය කරනු ලැබේ.