අප ගැන

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය‍ට විධිමත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් වශයෙන් කෘෂිකාර්මික රක්‍ෂණය හඳුන්වා දෙමින්  1973 අංක 27 දරණ කෘෂිකර්ම රක්‍ෂණ පනත මඟින් පිහිටුවනු ලැබු කෘෂිකර්ම රක්‍ෂණ මණ්ඩලය, 1999 අංක: 20 දරණ කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ පනත මඟින් අදාළ කර්තව්‍යයන් තවදුරටත් පුළුල් කරමින් සිය මෙහෙවරෙහි දශක හතරක කාලයක් මේවනවිට සපුරා ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් පාලිත ආයතනයක් වශයෙන් හිමි මුල්‍ය ස්ථාවරත්වයෙන් හා අවදානම් කළමනාකරණයට සෘජුවම සම්බන්ධවන කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ රක්‍ෂණ සේවා සැපයීම වෙනුවෙන්ම වු දිවයිනේ එකම රාජ්‍ය  ආයතනය වශයෙන්, හදිසි ආපදා තත්ත්වයන් හමුවේ කෘෂිකර්මාන්තය හා කෘෂිකාර්මිකයා සුරක්‍ෂිත කිරීමෙහිලා රජය වෙත පැවරී ඇති  වගකීම ඉටුකරලීම මෙම මණ්ඩලයේ ප්‍රමුඛතම කාර්යය භාරයවී ඇත.
ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය නංවාලීමේ හා කෘෂිකාර්මිකයාගේ ආර්ථිකය ස්ථායී කිරීමෙහිලා කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය වෙත පැවරී ඇති වගකීම උපරිම ආකාරයෙන් ඉටුකරලීම අරමුණුකර ගනිමින් පහත සඳහන් ප්‍රධාන අංශ යටතේ රක්‍ෂණ හා සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම රාශියක් මෙම මණ්ඩලය විසින්  දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලැබේ.

  • සමාජ ආරක්‍ෂණ යෝජනා ක්‍රම
  • භෝග වගා රක්‍ෂණ යෝජනා ක්‍රම
  • පශු සම්පත් රක්‍ෂණ යෝජනා ක්‍රම
  • සාමාන්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රම

ඉහත අංශ යටතේ ක්‍රියාත්මක වන යෝජනා ක්‍රම වලට අමතරව ශ්‍රී ලාංකික ගොවි ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කෙරෙන ඉල්ලීම් අනුව කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෘෂිකාර්මික කටයුතු ආවරණය වන පරිදි රක්‍ෂණ යෝජනා ක්‍රම සැළසුම්කර ක්‍රියාත්මක කිරීමටද කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය විසින් කටයුතු කරනු ලැබේ.