වගා රක්ෂණ

රක්ෂණ යෝජනා ක්‍රම

කෘෂිකාර්මික අවදානම් කළමණාකරනය කිරීමෙන් ආර්ථික සංවර්ධනය සදහා ඝෘජු දායකත්වයක් සපයන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් විවිධ වු රක්ෂණ යෝජනා ක්‍රම හදුන්වා දී ඇති අතර නව වෙළදපොල අවශ්‍යතාවයන් සදහාද නව රක්ෂණ යෝජනා ක්‍රම සකස් කිරීම සදහා අවශ්‍ය පසුබිම සකස් කර ඇත.

වී වගා රක්ෂණය

වී වගාවේ නිරත ආයෝජකයන් ගේ අවදානම අවම කිරිම සඳහා හදුන්වා දි ඇති වී වගා රක්‍ෂණය ප්‍රධාන ක්‍රම වේද 3 ක් යටතේ ක්‍රියාත්මක ය.

  • අනිවාර්ය භෝග වගා රක්ෂණය(වී-බඩඉරිගු-අර්තාපල්-සෝයා-ලොකුළුණු-මිරිස්)
  • වගා ණය යටතේ සිදු කෙරෙන වී වගාව – රාජ්‍ය හා වානිජ බැංකු මඟින් වි වගාව සඳහා ණය නිකුත් කෙරේ. එම ණය මුදල් සඳහා රක්‍ෂණ ආවරණ ලබාගත හැකි වන පරිදි මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.
  • වගා ණය වලින් තොරව සෘජු ස්වකීය ආයෝජන යටතේ සිදු කෙරෙන වී වගාව

බඩ ඉරිගු වගා රක්ෂණය

බඩ ඉරිගු වගාව සිදු කරන ගොවින්ට අනපේෂිතව මුහුණ පෑමට සිදු වන හානි ආවරණය වන පරිදි ගොවීන් ගේ ආර්ථික සුරක්‍ෂිතතාවය ඇති කිරීමේ අරමුණින් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. කෘෂිකර්ම දෙපාර්ත මෙන්තුව මගින් නිරිදේශ කරනු ලබන ප්‍රභේද  හා දිස්ත්‍රික් සදනා  මෙම ආවරණයත් ක්‍රියාත්මක වේ.

එළවළු වගා රක්ෂණය

වගාවෙන් වගාවට විවිධ වු ක්‍රම වේදයන් එක් කර ගනිමින් වෙළද පොළ අවශ්‍යතාවයට අනුකුල වන පරිදි සකස්කර ඇති එම යෝජනා ක්‍රමය එළවළු වගාවේ නිරත ආයෝජකයින් දිරි ගැන්වීම සදහා හදුන්වා දි ඇත.

මල් වගා රක්ෂණය

කුඩා හා මධ්‍යම පරිමාණ මල් හා විසිතුරු පැල වගා කරුවන් දිරිමත් කිරීම හා අපනයනය සදහා සුදුසු ගුණාත්මක තත්වයෙන් යුත් නිෂ්පාදන ඇති කිරීමේ වැඩ සටහනට සමගාමීව ව්‍යාපාරිකයින් දිරිමත් කිරීම සදහා මෙම යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත. කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරනු ලබන ප්‍රභේද ද දිස්ත්‍රික්කය  අනුව හඳුනා ගෙන රක්‍ෂණ යෝජනා  ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබේ.

වැඩි විස්තර සදහා

පොල් වගා රක්ෂණය

පොල් වගා වේ මුලක  අවස්ථාවේ සිට පළ දරණ අවස්ථාව තෙක් රක්ෂණාවරණය  ක්‍රියාත්මක වේ. පොල් වගා වේ නිරත ආයෝජකයින් දිරි ගැන්වීම සදහා වගාවේ  අවදානම මෙම යෝජනා ක්‍රමය යටතේ ආවරණය කර ඇත

තේ වගා රක්ෂණය

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ඒකාබද්ධ ව තේ වගා රක්‍ෂණය ක්‍රියාත්මක වේ. වගාවට සිදු වන්නා වු අවදානමක දී ආයෝජකයන්ට දැරීමට සිදු වන හානිය ප්‍රතිපූරණය කිරීම මෙ මගින් සිදු කෙරේ.

උක් වගා රක්ෂණය

පැල වත්ත, හිඟුරාන, සෙවන ගල ආදී ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වගාවේ නිරත වන්නා වු  ඕනෑම වගා කරුවෙකුට මෙම යෝජනා ක්‍රම යටතේ තම වගාව සදහා ආවරණය ලබා ගත හැකි ය.

අතිරේකභෝග

අතිරේක භෝග වගා වන් ඉතා ප්‍රචලිත ලෙස ලංකාව පුරා ව්‍යාප්ත වී ඇත. සෝයා  ,උදු , මුං, කව්පි, රට කජු, කුරක්කන් , තල යන භෝග වර්ග මෙම රක්‍ෂණය යටතේ ආවරණය වේ. කෘෂි කර්ම දෙපාර්තමේන්තු මඟින් නිර්දේශ කරන ප්‍රභේදයෙන් හා කලාප සඳහා රක්‍ෂණ ආවරණය ලබා ගත හැකි ය.

අර්තාපල් වගා රක්ෂණය

දිවයිනේ නුවරඑළිය, බදුල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක වල විශේෂිත වගාවක් ලෙස අර්තාපල් වගාව හෙක්ටයාර් 6000 ක් පමණ වගා කර ඇත. (ජන හා සංඛ්‍යා ලේඛන – කෘෂි අංශය) බීජ අර්තාපල් සමඟම පැතිරුණු විවිධ පලිබෝධ රෝග හා දිලීර රෝග අධික වර්ෂාව නිසා වගාවට වන හානිත් නිසා ඇතිවන අවදානම් තත්වය මත උද්ගතවන අස්වනු හානිය හා වගා විනාශ වීම තුලින් ආයෝජකයා මුහුණ දෙන හානි අවම කර වගාව සඳහා දිරිගැන්වීමට රක්‍ෂණ ක්‍රමයක් ඇති කිරීම ප්‍රධාන අරමුණ වේ.

බීජ සිටුවා අස්වැන්න නෙලා ගැනීම දක්වා වන නිෂ්පාදන පිරිවැය පදනම් කර ගෙන ආවරණය ලබා ගැනීමට හැකිවන පරිදි රු. 65,000  සිට රු. 110,000 දක්වා වූ පරාසය තුල රක්‍ෂණ ආවරණ ලබා ගැනීමේ පහසුව සලසා ඇත. වගා කරනු ලබන දිස්ත්‍රික්ක අනුව හදුන්වා දී ඇති ආවරණයන් වෙනස් වේ.

වැඩි විස්තර සඳහා – Contact  insurance division

මිරිස් වගා රක්ෂණය

මිරිස් වගාව ආර්ථිකමය වශයෙන් ලාභ ලැබිය ගැකි වගාවක් වන අතර දළ වශයෙන් හෙක්ටයාර් 10,000 ක් මහ කන්නය තුලමද හෙක්ටයාර් 7,000 ක් පමණ යල කන්නය තුලද වගා කෙරේ. (ජනලේඛන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව) කෘෂිකාර්මික අංශය හා පුත්තලම, අනුරාධපුරය. පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, යාපනය, මඩකලපුව දිස්ත්‍රික් ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වී ඇත.

 මෙම වගාවේ යෙදී සිටින ආයෝජකයන්ට තම අස්වැන්න නෙලා ගැනීම දක්වා සිදුවිය හැකි ස්වභාවික ආපදා වලින් වන හානි අවම කර ගැනීමට මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය හදුන්වා දෙනු ලැබේ. විවිධ ප්‍රභේද වගා කිරීමේදී නිෂ්පාදන පිරිවැය පදනම් කරගෙන රක්‍ෂණ ආවරණය ලබා ගැනීමට හැකිවන පරිදි රක්‍ෂණ ආවරණය ලබා ගැනීමට අවකාශය සලසා ඇත වගා කරනු ලබන දිස්ත්‍රික්ක අනුව හදුන්වා දී ඇති ආවරණයන් වෙනස් වේ.

වැඩි විස්තර සඳහා – Contact  insurance division

ලොකු ලූණු වගා රක්ෂණය

ලොකු ලූණු වගාව යල කන්නය තුල හෙක්ටයාර් 4500 ක් පමණ වගා කරන අතර (ජනලේඛන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව – කෘෂිකාර්මික අංශය) පොළොන්නරුව, මාතලේ, යාපනය, මහවැලි එච් ප්‍රදේශ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ප්‍රධාන වශයෙන් වගා කිරීම තුලින් ලබාගත හැකි සාමාන්‍ය අස්වැන්න අක්කරයකට කි.ග්‍රෑ. 4000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මෙම වගාවේ යෙදී සිටින ආයෝජකයන්ට තම අස්වැන්න නෙලා ගැනීම දක්වා සිදුවිය හැකි ස්වභාවික ආපදා වලින් වන හානි අවම කර ගැනීමට මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය හදුන්වා දෙනු ලැබේ. විවිධ ප්‍රභේද වගා කිරීමේදී නිෂ්පාදන පිරිවැය පදනම් කරගෙන රක්‍ෂණ ආවරණය ලබා ගැනීමට හැකිවන පරිදි අක්කරයකට රු.15,000 රු.50,000 දක්වා පරාසය තුල රක්‍ෂණ ආවරණය ලබා ගැනීමට අවකාශය සලසා ඇත. වගා කරනු ලබන දිස්ත්‍රික්ක අනුව හදුන්වා දී ඇති ආවරණයන් වෙනස් වේ.

වැඩි විස්තර සඳහා -Contact  insurance division.