පනිවුඩ

සභාපතිතුමගේ පණිවිඩය…….

අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ පණිවිඩය …….

පණ්ඩුක වීරසිංහ මහතා
අධ්‍යක්ෂ ජනරාල්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

දශක හතරකට අධික අතීතයකට උරුමකම් ඇති කෘෂි රක්‍ෂණ මණ්ඩලය අතීත අත්දැකීම් වලින් ලත් පන්නරය තුළින් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ නියුතු සියළුම පාර්ශ්වයන්ගේ අවශ්‍යතා ප්‍රශස්ථ මට්ටමින් ඉටුකළ හැකි සාර්ථක ආයතනයක් බවට ගොඩනඟා ඇත්තෙමු.  අප සතු අත්දැකීම්  සමුදාය තුළින් ශක්තිමත් රාජ්‍ය ව්‍යවසායක් බවට කෘෂි රක්‍ෂණ මණ්ඩලය පත්කොට කර්මාන්තයේ අවදානම භාරගැනීමේ මහඟු කාර්යයට උරදීමට සුදානමින් ඇත.
රාජ්‍ය ව්‍යවසායක් ලෙස අපගේ මුලික වගකීම වනුයේ දේශීය කෘෂි ආර්ථිකයේ සියළු අවදානම් අවම කිරීමයි.  ඒ තුළින් දේශීය ආහාර නිෂ්පාදනය දියුණු කිරීම හා ප්‍රජාව කෘෂි කර්මාන්තයේ නිරත කිරීමේ ජාතික කර්තව්‍යයට අපගේ දායකත්වය ලබාදීමට සියළුම සේවක කොට්ඨාශයන් ඉදිරිපත්වී ඇති බව මෙහිදී සිහිගන්‍වන්නේ ඉමහත් සතුටිනි.
මෙම කර්තව්‍ය වඩාත් අර්ථවත් කිරීමේ අරමුණින්  වර්තමානයේ ආයතනයේ කටයුතු ප්‍රතිසංවිධානයට ලක්කරනු ඇත.  ඒ අනුව නව රක්‍ෂණ ක්‍රම හඳුන්වාදීමත් පවතින රක්‍ෂණ ක්‍රම යාවත්කාලීන කිරීමත් සිදුකර ඇත.  එසේම රක්‍ෂණ ක්‍රම ගම් මට්ටම දක්වා ගෙනයාමේදී රාජ්‍ය ආයතන, වාණිජ හා සංවර්ධන බැංකු සහ ව්‍යාපාරික ආයතනවල සහයෝගය ලබාගැනීමට හැකිවීම අප ලද වරප්‍රසාදයකි.  එම ජාලය තවදුරටත් ස්ථාවර කරමින් අන්තර් ජාලය ඔස්සේ දේශීය මෙන්ම විදේශීය ප්‍රජාව කරා ප්‍රවිශ්ඨවීමට අවකාශ සළසා ගැනීම මණ්ඩලය ලැබු තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.