ව්‍යාපෘති

දර්ශක මත පදනම් වූ රක්ෂණ ක්‍රමය (ව්‍යාපෘති අංක 600663)

රක්ෂණයේ ඵලදායීතාවය වැඩිදියුණු කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ කෘෂි රක්ෂණය, රක්ෂණ වෙළඳපොළ තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණින්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, ලෝක බැංකුව හා අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ (IFC) තාක්ෂණික සහාය ඇතිව,දර්ශක මත පදනම් වු රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමේ ව්‍යාපෘතිය(ව්‍යාපෘති අංක 600663) ක්‍රියාත්මක වෙමින් පවතී.

කාලගුණ මධ්‍යස්ථාන, දත්ත ලබා ගැනීමේ හැකියාව, ගොවි ජනගහනය සහ කෘෂිකාර්මික ව්‍යාප්තිය යන සාධකයන්ට අනුව අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, හම්බන්තොට, වව්නියාව සහ අම්පාර වැනි දිස්ත්‍රික්ක හය නියමු ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා ලදී.

වී වගාව සඳහා නව රක්ෂණ ක්‍රමය සංවර්ධනය කර ඇත. නියමු ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා ලද දිස්ත්‍රික්ක කාර්යාලවල කාර්ය මණ්ඩල සාමාජිකයින් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුන් වල ඉහත දිස්ත්‍රික්කයන්හි අදාළ විෂයභාර නිලධාරීන් සහභාගී කරවා ගනිමින් තොරතුරු හුවමාරු කර ගැනීම හා දර්ශක මත පදනම් වූ රක්ෂණ ක්‍රමය පිළිබඳව දැනුම වැඩිකිරීම සඳහා වැඩමුළු සහ පුහුණු සැසි කිහිපයක් පැවැත්වීමට කටයුතු සකස් කොට ඇති අතර මේ වනවිට වව්නියාව දිස්ත්‍රික් සහ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන සාර්ථකව නිම කොට ඇත.

මෙම නියමු ව්‍යාපෘතියේ පළමු අදියර 2017/18 මහ කන්නය තුල වවුනියා දිස්ත්‍රික්කය මුලික කරගනිමින් පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරය 2018/19 මහ කන්නය තුල වවුනියා දිස්ත්‍රික්කය හා අනුරාධපුර මහවැලි H මූලික කරගනිමින් ක්‍රියාත්මක විය. ගංවතුර හා නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා එම ගොවින් හට මෙම කන්නය අවසානයේ මෙම නව ක්‍රමවේදය යටතේ වන්දි ගෙවීම් කටයුතු සිදුකරමින් පවතී.

2019 යල කන්නය සඳහාද වවුනියාව,කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි  මෙම ක්‍රමවේදය පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක කරන ලදී.

වගා හානි තක්සේරුව සඳහා භූ තොරතුරු තාක්ෂනය හා දුරස්ථ සංවේදන ක්‍රමවේද (GIS and Remote Sensing Technology) යොදා ගැනීම

2017/18 මහා කන්නයේ උතුරු පළාතේ වූ ගං වතුර තත්වය නිසා සිදු වූ වගා හානි තත්වය පරික්ෂා කිරීම සඳහා මෙම තාක්‍ෂණය ප්‍රථම වරට යොදා ගත් අතර මෙමගින් ඉතා නිරවද්‍ය හා නවීන තාක්ෂණයට අනුකූලව වගා හානි නිර්ණය කිරීමේ හැකියාව පවතින බව තහවුරු කරගන්නා ලදී. සිද්ධි අධ්‍යනයක් ලෙස කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හා මුලතිවු දිස්ත්‍රික්කයේ ගංවතුර මගින් සිදුවූ වගා හානි නිර්ණයට චන්ද්‍රිකා ඡායාරුප හා ඩ්‍රෝන තාක්ෂනය යොදා ගැනීම පහත පරිදි දැක්විය හැක

කෘෂිකාර්මික මධ්‍යගත තොරතුරු පද්ධතිය සදහා වන ව්‍යාපෘතිය